පළමු ටෙස්ට් තරගයේදී තේ පානය වනවිට ශ්‍රී ලංකාව අසීරු අඩියක

0

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරයෙන් පසුව දෙවැනි වතාවට සිසිල් පැන් පානය සඳහා තරගය නතර කරන විට පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44කදී කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 93ක් රැස්කරගෙන යම්කිසි පසුබැසීමකට ලක්ව සිටි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන්නේ බ්‍රිස්බේන් නුවරදීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු කිහිපයම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ හෙළීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්වීම හා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය මෙයට ප්‍රධානතම හේතුව විය.

මේ වනවිට ඉනිමේ වැඩිම ලකුනුලාභියා බවට පත්ව සිටින්නේ ලකුණු 24ක් ලබාගත් දිමුත් කරුණාරත්නය. ඔහුට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් ලබාගැනීමට සමත්විය.

මේ වනවිට කඩුල්ලේ රැඳී සිටින්නේ නිරෝෂන් දික්වැල්ල සමගින් දිල්රුවන් පෙරේරාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here