ශ්‍රී ලංකාවට ⁣ඵෙතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

0

දකුණු අප්‍රිකාව සමගින් පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත්වීමත් සමග එය වාර්තා පොත් අලුත් කළ ඵෙතිහාසික ටෙස්⁣ට් තරගාවලි ජයක් බවට පත්විය.

ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ඔවුන්ව පරාජය කරමින් ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව බවට මෙය පත්විය. එහි වටිනාකම තවත් වැඩිවන්නේ එය 2-0ක් වශයෙන් දකුණු අප්‍රිකානුවන්ට කිසිදු අවස්ථාවක් නොදී ලබගෙත් waite Wash ජයක් වන නිසාවෙනි.

ලකුණු 197ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී කණ්ඩායම ඊයේ (22) දිනය නිමාවනවිට කඩුලු 2ක් බිඳවැටී ලකුණු 60ක් රැස්කරගෙන තිබුණි. ඒ අනුව ජයග්‍රහණයට තවත් ලකුණු 137ක් සොයා අද දිනයේදී යළිත් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් හා ඕෂද ප්‍රනාන්දු යුගලය තරගය ජයගන්නා තුරුම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දකුණු අප්‍රිකානුවන්ට හැකිවූයේ නැත.

මෙහිදී සිය පළමු ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු නෙදෙැවී ලකුණු 75ක් ලබාගත් අතර, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු සංඛ්‍යාව 84කි. ඒ හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය හිමිවූ අතර, තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ පළමු තරගයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 153ක් සහ පළමු ඉනිමේ ලකුණු 51ක් ලබාගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here