අද උදෑසන තීරණය අනුව කණ්ඩායම් දෙකේම ප්‍රබල වෙනස්කම් කිහිපයක්

0

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැත්වෙන සිව්වන තරගයේදී කණ්ඩායම් දෙකේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතිබව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරුවෙක් ලෙස අසාර්ථකවීම නිසාවෙන් මෙම තරගයේදී ඔහුට සිය ස්ථානය අහිමිවීමේ වැඩි ඉඩක් පවතී. එසේ වුවහොත් යළිත් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට උපුල් තරංග පණපොවනු ඇත. කුසල් ජනිත් පෙරේරා තෙවන තරගයේදී ආබාධයකට ලක්වීම නිසාවෙන් ඔහුටද ඉතිරි තරග අහිමි වේ. එනිසාවෙන් උපුල්ගේ අනෙක් සගයා වීමට අවිශ්ක ප්‍රනාන්දුට ඉඩ ලැබෙනු ඇත.

දික්වැල්ලගෙන් පුරප්පාඩු වන කඩුලු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇතැයි වාර්තා වේ. එයට හේතුව වන්න ඊයේ (12) පැවති පුහුණුවීම් අතරතුරදී කුසල් ඒ සඳහා පුහුණුවීම් සිදුකිරීමය.

දකුණු අප්‍රිකාවද කෙසේ හෝ තරගාවලියේ තරග 5ම ජයගැනීමට අදිටන් කර ඇත්තේ ටෙස්ට් තරගාවලියේදී සිදුවූ අවමානය වසාගැනීමට විය හැකිය. ඒ නිසාවෙන්ම ඉතිරි තරග දෙක සඳහා ඔවුන්ගේ ප්‍රබල පිතිකරුවන් යුගලයක් වන හෂීම් අම්ලා සහ ජේ.පී. ඩුමිනි සංචිතයට යළි ඇත. යම් හෙයකින් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ අද තරගයට ක්‍රීඩා කළහොත් එය ශ්‍රී ලංකාවට තවත් අවාසිදායක වනු ඇත.

මේ පිළිබඳව කණ්ඩායම් දෙකම අවසන් නිගමනයකට පැමිණෙන්නෙ අද උදෑසන තණතීරූව පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here