වැඩිම යෝකර් පන්දු ලසිත් මාලිංගගෙන්

0

2010 වසරේ සිට මේ දක්වා වැඩිම යෝකර් පන්දු ප්‍රමාණයක් යොමු කළ පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග සමත්ව සිටියි. ඔහු 2010 වසරේ සිට මේ දක්වා යෝකර් පන්දු 872ක් ප්‍රතිවාදී පිතිකරුවන්ට යොමු කර ඇති අතර, එහි දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ නවසීලන්තයේ ටිම් සවුදිටයි. සවුදි යොමු කර ඇති
යෝකර් පන්දු ගණන ලෙස දැක්වෙනුයේ 328කි. තෙවැනි ස්ථානය ඔස්ටේලියාවේ මිචෙල් ස්ටාක් හිමි කරගෙන ඇත්තේ යෝකර් පන්දු 327ක් යොමු කරමිනි. මෙහි සිව්වැනි ස්ථානය තවත් ශ්‍රී ලංකා ආරම්භක වේගපන්දු යවන්නෙක් වන නුවන් කුලසේකර හිමිකරගෙන ඇත්තේ යෝකර් පන්දු 288ක් යවමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here