කෝලි සහ රෝහිත් ශර්මා අතර ගැටුමක්?

0

තමා සහ රෝහිත් ශර්මා අතර කිසිදු ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසා තිබේ.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වීමෙන් අනතුරුව ඉන්දීය නායකයා සහ උපනායකයා අතර මතභේදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පල  වී තිබුණි.

මේ ගැන ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි මුම්බායි හිදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා ඇත්තේ තමා සහ රෝහිත් ශර්මා අතර කිසිඳු මතභේදකාරී තත්ත්වයක් හටගෙන නොමැති බවයි.

තමා නිරන්තරයෙන්ම රෝහිත් ශර්මාගේ දක්ෂතා අගය කරන බව ද ඉන්දීය නායකයා පවසා තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here