ක්‍රිකට් පිටියේ විශිෂ්ටයන්ට සම්මාන

0

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ක්‍රිකට් සම්මාන රාත්‍රිය – 2019 පසුගියදා පැවැත්වුණා. එහිදී ජාත්‍යන්තර පිටියේ දැක්වූ දක්ෂතා වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සම්මාන පිරිනැමුණේ පහත පරිදියි.

පිරිමි
ටෙස්ට් අංශය

හොඳම පිතිකරු – දිමුත් කරුණාරත්න
හොඳම පන්දු යවන්නා – දිල්රුවන් පෙරේරා
හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජය ද සිල්වා

එක්දින අංශය
හොඳම පිතිකරු – කුසල් ජනිත් පෙරේරා
හොඳම පන්දු යවන්නා – ලසිත් මාලිංග
හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – තිසර පෙරේරා

T20 අංශය
හොඳම පිතිකරු – තිසර පෙරේරා
හොඳම පන්දු යවන්නා – ලසිත් මාලිංග
හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ඉසුරු උදාන

කාන්තා
එක්දින අංශය
හොඳම පිතිකාරිණිය – චමරි අතපත්තු
හොඳම පන්දු යවන්නිය – ඕෂදී රණසිංහ
හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු

T20 අංශය
හොඳම පිතිකාරිණිය – චමරි අතපත්තු
හොඳම පන්දු යවන්නිය – ශෂිකලා සිරිවර්ධන
හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන

වසරේ නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානය පැතුම් නිස්සංකට හිමිවුණා.
වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය චමරි අතපත්තුට හිමිවුණ අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය කිසිවෙකු හිමිකර නොගැනීම විශේෂත්වයක්.
වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු සම්මානය හිමිවූයේ කුමාර් ධර්මසේනටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here