පාකිස්ථාන ටෙස්ට් සංචාරයට සුරංග ලක්මාල් වෙනුවට අසිත ප්‍රනාන්දු

0

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මෙම සංචාරය අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබුණා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11-15 දක්වා රාවල්පිණ්ඩිහිදීත්, දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 19-23 දක්වා කරච්චිහිදීත් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මැන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න, අසිත ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here