ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙල බැබලවූ විශිෂ්ටයෝ

0

32 වැනි වරට පැවති ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙල පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වුයේ රටට දක්ෂයන් රැසක් හදුන්වා දෙමිනි. එලෙස දකෂතා දැක්වූවන් අතර සිටි සුවිශේෂී කිහිපදෙනෙක් SportsToday.lk අපට හමුවිය. එහිදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වයස අවුරුදු 35-40 වයස් කාණ්ඩය යටතේ තරග කල සුරේෂ් රොෂාන්ත ක්‍රීඩකයා මීටර් 200 තරගයේ රන් පදක්කමද, මීටර් 100 තරගයේ රිදී පදක්කමද, මීටර් 400 කඩුලු පැනීම තරගයෙන් රිදී පදක්කමද හා දුර පැනීම තරගයෙන් ලෝකඩ පදක්කමද දිනාගැනීමට සමත්විය.

වයස අවුරුදු 45- 50 වයස් කාණ්ඩය යටතේ තරග කල දිලිප් ඒකනායක මීටර් 200 තරගයෙන් රන් පදක්කමක් දිනාගනු ලැබුවේ නව තරග වාර්තාවක්ද සමගිනි. ඔහු මීටර් 400 තරගයේදී රන් පදක්කම හිමිකරගනු ලැබුවේ ද තරග වාර්තාවක් පිහිටුවමින් වන අතර, එය මෙම වසරේ ස්පාඤ්ඤයේ පැවතී ලෝක ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උලෙලෙදි එම ඉසව්වේ වාර්තා කල කාලය සමාන කිරීමකි. ඊට අමතරව ඔහු මීටර් 100 තරගයෙන් රිදී පදක්කම දිනාගනිමින් එම වයස් කාණ්ඩයේ ශුරයා බවටද පත්විය.

මෙම තරගාවලියට වයස අවුරදු 50-55 කාණ්ඩයෙන් තරග කල කේ. රත්නසිරි මීටර් 5000 තරගයෙන් රිදී පදක්කම්ද, මීටර 1500 තරගයෙන් ලෝකඩ පදක්කමද හා මීටර 800 තරගයෙන් ලෝකඩ පදක්කමද දිනාගැනීමට සමත්විය. මිට අමතරව වයස අවුරුදු 55-60 කාණ්ඩයෙන් තරග කල බ්‍රයන් සී. ලිවේරා උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමද, මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමද, දුර පැනීමේ ඉඅසව්වෙන් රිදී පදක්කමද දිනා ගනිමින් එම කාණ්ඩයේ ශුරයා බවටද පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here