ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක්

0

නවසීලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතව ඇත්තේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙනි. ඒ සඳහා නම්කර ඇති සංචිතය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද අතර එහිදී වෙනස්කම් කිහිපයක්ම දැකගත හැකි විය.

ටෙස්ට් තරගාවලි කිහිපයකටම අවස්තාව අහිමි වූ කුසල් ජනිත් පෙරේරාට මෙවර එහි ඉඩකඩ වෙන්වීම කැපී පෙනේ. ඊට අමතරව නවසිලන්ත ටෙස්ට් තරගාවලියේදී කලවයේ අපධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස්ට තමාගේ ස්ථානය අහිමි වී ඇති අතර, ධනුෂ්ක ගුනතිලකටද තමාගේ ස්ථානය අහිමි වී ඇත්තේ පසුගිය තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම නිසාවෙනි.

කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිවෙද්දී එහි උපනායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටය.
තරගාවලියේ පළමු තරගය ජනවාරි 24 වැනිදා බ්‍රිස්බේන් හිදී ආරම්භ වන අතර, දෙවැනි තරගය පෙබරවාරි 01 වැනි දින කැන්බරාහිදී ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උපනායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, සදිර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here