බවුන්සර් පන්දුවකින් අනතුරටපත් දිමුත්ට ඉක්මන් ප්‍රතිකාර

0

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර කැන්බරාහිදි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (02) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ හිස හා ගෙල ප්‍රදේශයේ පැට් කමින්න්ස් එවූ බවුන්සර් පන්දුවක් වැදීම නිසා ඔහුව පිටියෙන් ඉවත්කර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර ඇත.

ශ්‍රී ලංකා ඉනිමේ 31වැනි පන්දුවාරයේදී සිව්වැනි පන්දුවෙදී දිමුත් කරුණාරත්න මෙම අනතුරට භාජනය විය. පැට් කමින්න්ස් එවූ බවුන්සර් පන්දුවෙන් බේරීම සදහා දිමුත් හිස ඉවතට හැරවූ අතර පන්දුව උරහිස හ‌ා ගෙල ප්‍රදේශයේ වැදී ඇත. ඒත් සමගම ඔහුගේ අතින් පිත්ත ගිලිහී ගොස් ඇත.

මෙම අනතුර සිදුවනවාත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ භෙතික චිකිත්සකවරයා සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෛද්‍යවරයා පිටියට පැමිණ දිමුත්ට අවශ්‍ය හදිසි පුතිකාර සිදුකර ඇත. ඉන් අනතුරුව ඔහුව ප්‍රතිකාර සදහා යොමුකර ඇත.

ඕස්ට්‍රේලියානු කිුකට් ආයතනය ‌සදහන් කරන්නේ මේ වනවිට දිමුත්ගේ තත්වය එතරම් බරපතළ නොවන බවත්, ඉදිරියේදී වැඩිදුර තොරතුරු සදහන් කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here