ලාංකිකයන් තිදෙනෙකුට ICCයෙන් චෝදනා

0

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ වගන්ති කිහිපයක් කඩකළ ශ්‍රී ලංකිකයන් තිදෙනෙකුට ඒරෙහිව චෝදනා ගොනුකර ඇත. ඒ් නුවන් සොයිසා, අවිශ්ක ගුණවර්ධන හා සනත් ජයසුන්දර යන අයට ඒරෙහිවය.

නුවන් සොයිසා හා අවිශ්ක ගුණවර්ධන යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දෙදෙනෙක් වන අතර සනත් ජයසුන්දර  යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්යසාධක විශ්ලේෂකයෙකු (performance analyst) ලෙස සේවය නළ අයෙකි. නුවන් සොයියාට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙලෙස චෝදනා ගොනු කරනු ලැබුවේ ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ වගන්ති කිහිපයක් කඩකළ බව සඳහන් කරමිනි.

නුවන් සොයිසා හා අවිශ්ක ගුණවර්ධන යන දෙදෙනාට ඒරෙහිව චෝදනා ගොනු කරනු ලැබුවේ ඊයේ ( 10) දිනයේදි වන අතර සනත් ජයසුන්දරට ඒරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ අද (11) දිනයේදීය. ඒ්හි සඳහන් ආකාරයට නුවන් සොයිසා ඒම පනතේ වගන්ති 4ක්, අවිශ්ක ගුණවර්ධන වගන්ති 3ක් සහ සනත් ජයසුන්දර ඒම පනතේ වගන්ති දෙකක් කඩකර ඇත.

මොවුන් තිදෙනාට තමාට චෝදනා ඒල්ල වූ දිව සිට දින 14ක කාලයක් ඇතුළත ඒ්වාට පිළිතුරු ලබාදිය හැකිය. ඒසේ නොවුනහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුනට ඒරෙහිව දඬුවම් නියම කිරීමට ඉඩ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here