පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාවට පහසු ජයක්

0

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අතුරින් දෙවැන්න ලෙස ඊයේ (24) ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් ලකුණු 87ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී දකුණු අප්‍රිකානුවන්ට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි ද.අප්‍රිකානුවන් නියමිති පන්දුවාර 50 අවසනදී කඩුලු 7ක් බිඳවැටී ලකුණු 338ක් රැස්කිරීමට සමත්විය.

නායක් ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 88කින් සහ හෂීම් අම්ලා ලකුණු 65කින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් බිඳ දැමීය.

පිළිතුරු ඉනිම ආරමෟභ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු කිහිපය ඉක්මනින්ම බිඳවැටීම ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් නිර්මාණය කලේය. ඉන් අනතුරුව නායක දිමුත් සමගින් එක්වු කුසල් මෙන්ඩිස් වේගයෙන් ලකුණු රැස්කිරීමට උත්සහ කළද මෙන්ඩිස්ගේ දැවීයෑමෙන් අනතුරුව ලකුණු ලබාගැනීමේ වේගය යළිත් ඇනහිටියේය. හිටපු නායක් ඇන්ජලෝ මැතිව්ස් සමගින් දිගු සබඳතාවයක් ගොඩනැගූ දිමුත් නායක්ත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් දැවීගියේ ශතකය අභියසදීය. දිමුතු ලබාගත් ලකුණු 87 සහ මැතිව්ස් ලබාගත් ලකුණු 64 ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

පන්දුවාර 42.3කදී සියලුදෙනාම දැවී ශ්‍රී ලංකාවට ලබාගතහැකි වූයේ ලකුණු 251ක් පමණි. පන්දු යැවීමේදී පෙලුක්වායෝ කඩුලු 4ක් සහ එන්ගිඩි කඩුලු 2ක් බිඳදමමින් ද.අප්‍රිකානුවන්ට ජය මාවත විවර කරදීමට සමත්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here