මිතුන්ගේ පිත්ත දසුන්ගේ ප්‍රහාරයේ සැර බාල කරයි

0

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර ඊයේ (23) පැවති පුහුණු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තාකිරීමට බංගලාදේශය සමත්වූයේ තරගය නිමාවීමට පන්දු 11ක් ඉතිරිව තිබියදීය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් බිඳවැටී ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 282කි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් දසුන් ශානකගේ පිත්තෙන් ලකුණු 86ක් වාර්තා වූ අතර, ශෙහාන් ජයසූරීය ලකුණු 56කින් ඊට දායක විය. පන්දුයැවීමේදී සවුම්යර් සර්කාර් හා රුබෙල් හොසේන් කඩුලු 2 බැගින් බිඳදැමුහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 48.1කදී කඩුලු 5ක් බිඳවැටී ජයග්‍රාහි ඉලක්කය සපුරාගැනීමට සමත්වූහ. මොහොමඩ් මිතුන් විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක කරමින් ලකුණු 91ක් ලබාගැනීමට සමත්විය. ලහිරු කුමාර කඩුලු 2ක් බිඳදැමීමට සමත්විය.

දෙරට අතර පළමු එක්දින තරගය ජූලි 26වැනිදා දිවා රාත්‍රී තරගයක් වශයෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here