පළමු තරගයෙන් පසුව බංගලාදේශයට ICCයෙන් දඩ ගසයි

0

සංචාරක බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පළමු තරගයෙන් අනතුරුව බංගලාදේශ කණ්ඩායමේ නායකයාට සහ අනිකුත් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදල් නියම කර තිබේ.

එලෙස දඩ නියමකර ඇතතේ පළමු එක්දින තරගය තුළ පන්දුයැවීමේදී බංගලාදේශය නියමිත කාලය තුළ පන්දුවාර 50 යැවීමට අපොහොසත් වීම නිසාවෙනි. එම කාලය තුළ ඔවුන් විසින් යවා ඇත්තේ පන්දුවාර 48ක් පමණි.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තමීම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් 40%ක් සහ සෙසු ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 10% බැගින්ද දඩ නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here