ගොඩක් අය ක්‍රීඩාවේ මානසිකව ඇද වැටීම ගැන කථා කරන්නේ නෑ – කුමාර් සංගක්කාර

0

ක්‍රීඩාවේ මානසික ඇද වැටීම් සම්බන්ධයෙන් විවෘතව කථා බහ කළ යුතු බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා, නොමිලයේ ක්‍රියාත්මක වන 1333 සේවාව මගින් ප්‍රචලිත කිරීම සඳහා ආරම්භ වන සුහද පාපැදි සවාරිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට සහබාගි වෙමින් පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර,

‘ගොඩක් ක්‍රීඩකයින් මානසිකව වැටීම තුළින් ගොඩක් අයගේ ක්‍රිකට් දිවිය අඩපණවෙලා තියෙනවා. ලංකාවේ මෙවැනි ප්‍රශ්න උග්‍ර වෙලා ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් දිවියට හානියක් වෙලා තියෙනවා. එහිදී අපි ඕව විවෘතව කථා කරන්න ආස නෑ. ඒවා අපේ දුර්වලතාවක් කියලයි හිතන්නේ. මේ ප්‍රශ්න යට ගහනකොට ඒවා උග්‍ර වෙනවා මිසක් ඈත් වෙන්නේ නෑ. මම දැකලා තියෙනවා විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් සමු අරන් ගියාම ඔවුන් අතර සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවන් ඇතිවෙලා තියෙනවා.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here