රාජකීයන් පරදවා මහානාම විදුහල අවසන් පූර්ව වටයට

0

අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කණඩය යටතේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් මහානම විදුහල කොළඹ රාජකීය විදුහල පරදවා පහසු ජයක් වාර්තා කරන ලදි. මෙම තරගය පන්දු වාර 46ක තරගයක් ලෙස පැවැත්විණි.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ කොළඹ රාජකීය පිල නියමිත පන්දු වාර 46 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 135ක් රැස්කරන ලදි.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහානාම විදුහල පන්දු වාර 30.2කදී නියමිත ඉලක්කය පසුකර මෙම අනඟි ජයග්‍රහනය ලබාගත්තේ කඩුළු 3ක් පමණක් දැවී තිබියදීය.


මහානාම විදුහල මෙම තරගාවලිය තුළ තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර තරග 9ක් ජයග්‍රහනය කර එක් තරගයක් පමණක් පරාජය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here