දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කොමිෂන් සභා නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් සිටි බවත් එයට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා ඊයේ (25) සඳහන් කළා.

ඒ අනුව ඔහුව ශ්‍රී ලංකා හමුදා ස්වේච්ඡා බලකායට කොමිෂන් සභා නිලධාරියෙකු ලෙස බඳවා ගනු ලබන අතර ඔහුට නුදුරු අනාගතයේදී ප්‍රවේශ විභාගයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

එම නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉදිරියේදී යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් දේශීය තරග ක්‍රීඩා කිරීමට නියමිතව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here