ඉන්දියාවට එරෙහිව කොදෙව්වන්ට කඩුලු 8ක ජයක්

0

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලියේ දෙවෙනි තරගය කඩුලු 8කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (08) සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 170ක් ලබාගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

තරගයේ වීරයා වූයේ ලෙන්ඩ්ල් සිමන්.

හයිද්‍රබාද්හි පැවති තරගාවලියේ පළමු තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මේ වනවිට කණ්ඩායම් දෙකම 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර තුන්වන සහ අවසන් මහා තරගය දෙසැම්බර් 11 වනදා මුම්බායිහිදී පැවැත්වීමට නියමිතව පවතිනවා.

ඉන්දීය ඉණිම
ශිවාම් දූබේ – 54, රිෂබ් පාන්ට් – 33 (නොදැවී), විරාත් කෝලි – 19, රෝහිත් ශර්මා – 15, කේ.එල්.රාහුල් – 11 ශ්‍රේයාස් අයියර් – 10, රවීන්ද්‍ර ජඩේජා – 9, දීපක් චාහර් – 1 (නොදැවී)
හේඩ්න් වොල්ෂ් 28/2, කෙස්‍රික් විලියම්ස් 30/2, ඛාරි පියර් 11/1, 27/1, 42/1

බටහිර ඉන්දීය කොදෙව් ඉණිම
ලෙන්ඩ්ල් සිමන් – 67 (නොදැවී), එවින් ලෙවිස් – 40, නිකොලොස් පූරාන් – 38 (නොදැවී), ශිම්රන් හෙට්මයර් – 23
රවීන්ද්‍ර ජඩේජා 22/1, වොෂින්ටන් සුන්දර් 26/1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here