රුසියාවට සිව් වසරක ජාත්‍යන්තර ක්‍රීඩා තහනමක්

0

ඉදිරි වසර හතරක් සඳහා රුසියාවට ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගී වීමේ තහනම් නියෝගයක්, තහනම් උත්තේජක භාවිතයට එරෙහි ලෝක සංවිධානය වන වාඩා සංවිධානය විසින් ඊයේ (09) නිකුත් කරනු ලැබුවා.

ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහාය ලබා නොදීම හේතුවෙනුයි රුසියාවට මෙම තහනම පනවා ඇත්තේ.

ඒ අනුව රුසියාවට 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහ 2022 කටාර්හි පැවැත්වෙන ලෝක පාපන්දු කුසලානය සඳහා සහභාගී වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මෙම තහනම හේතුවෙන් එම තරගාවලියන්හිදී රුසියාවේ ජාතික ධජය එසවීම හෝ ජාතික ගීය වාදනය කිරීම සිදුවන්නේ නැහැ.

නමුත් තහනම් උත්තේජක හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බවට ඔප්පු කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලි සඳහා රුසියානු නොවන මධ්‍යස්ථ ධජයක් යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here