කොදෙව්වන් පරදා ඉන්දියාවට ජය

0

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමගින් පවැති තරග තුනකින් සමන්විත T20 තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගය ලකුණු 67කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. ඒ අනුව තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවුණා.

ඊයේ මුම්බායිහි වන්ඛඩේ ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 240ක් ලබාගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 173ක් පමණයි.

ඉන්දීය ඉණිම
කේ.ඒ.රාහුල් – 91, රෝහිත් ශර්මා – 71, විරාත් කෝලි – 70 (නොදැවී), රිෂබ් පාන්ට් – 0
කිරාන් පොලාඩ් 33/1, කෙස්‍රික් විලියම්ස් 37/1, ශේල්ඩන් කොට්‍රෙල් 40/1

බටහිර ඉන්දීය කොදෙව් ඉණිම
කිරාන් පොලාඩ් – 68, ශිම්රන් හෙට්මයර් – 41, කෙස්‍රික් විලියම්ස් -13 (නොදැවී), හේඩ්න් වොල්ෂ් 11, ජේසන් හොල්ඩර් – 8, ලෙන්ඩ්ල් සිමන්ස් 7, ඛාරි පියර් – 6, බ්‍රැන්ඩන් කිංග් – 5, ශේල්ඩන් කොට්‍රෙල් – 4 (නොදැවී), නිකොලොස් පූරාන් – 0
දීපක් චහර් 20/2, මොහමඩ් ෂමි 25/2, බුව්නේශ්වර් කුමාර් 41/2, කුල්දිප් යාදව් 45/2

තරගයේ වීරයා වූයේ කේ.එල්.රාහුල්.

තරගාවලියේ වීරයා වූයේ ඉන්දීය කණ්ඩායම් නායක විරාත් කෝලි.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙසැම්බර් 15 චෙන්නායිහිදී අරම්භවීමට නියමිතව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here