ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

0

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

දෙසැම්බර් 11 වනදා සිට 15 වනදා දක්වා රාවල්පිණ්ඩිහිදී පැවැත්වුණු මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුණා. දෙවන සහ තුන්වන දින අතරමග නැවත දැමීමත් හතරවන දිනය සම්පුර්ණයෙන්මත් අතහැර දැමීමත් සිදුවුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී පළමු ඉණිම අත්හිටුවන විට කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස්කරගෙන සිටියා.
වර්ෂාවෙන් බාධා පැමිණුනු නිසාවෙන් සිව්වන දිනය වනතුරුත් කඩුල්ලේ රැඳී සිටිමින් ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 102ක් රැස්කළා. එය ඔහුගේ ටෙස්ට් දිවියේ 6 වන ශතකයද වනවා.

පළමු ඉණිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පස්වන දිනයේ තරගය අවසන් කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 252 ක් රැස්කරගෙන සිටියා.
මෙහිදී අබීඩ් අලි සහ බාබර් අසාම් පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කළා. අබිඩ් අලී සහභාගී වූ මංගල ටෙස්ට් තරගය මෙය වන අතර එහිදී ඔහු ශතකයක් ලබාගැනීම විශේෂයක් වනවා.

ශ්‍රී ලංකා පළමු ඉණිම – (පන්දුවාර 97)
දිමුත් කරුණාරත්න – 59, ඕෂධ ප්‍රනාන්දු – 40, කුසල් මැන්ඩිස් – 10, ඇන්ජලෝ මැතිවුස් – 31, දිනේෂ් චන්දිමාල් – 2, ධනංජය ද සිල්වා -102 (නොදැවී), නිරෝෂන් දික්වැල්ල 33, දිල්රුවන් පෙරේරා – 16 (නොදැවී)
ෂයින් අෆ්රිඩි 58/2, නසීම් ෂා 92/2, උස්මාන් ශින්වාරි 54/1, මොහොමඩ් අබ්බාස් 72/1

පාකිස්ථාන පළමු ඉණිම – (පන්දුවාර 70)
ශාන් මසූඩ් – 0, අබිඩ් අලී – 109 (නොදැවී), අසාර් අලී – 36, බාබර් අසාම් – 102 (නොදැවී)
කසුන් රාජිත 5/1, ළහිරු කුමාර 46/1

දෙරට අතර දීවන ටෙස්ට් තරගය දෙසැම්බර් 19-23 දක්වා කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here