කසුන් රජිත ආබාධයට – දෙවන ටෙස්ට් තරගයට සහභාගී වීම අවිනිශ්චිතයි

0

පසුගියදා අවසන් වුණු ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කසුන් රජිත අබාධයකට ලක්වී තිබෙනවා.

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවූ එකම දිනය වූ අවසන් දිනයේදී කකුලේ මස්පිඬු ඉරී යාම හේතුවෙනුයි ඔහු මෙසේ ආබාධයට ලක්වී තිබෙන්නේ.

තරගයේ පන්දු වාර 6ක් යැවූ ඔහු ලකුණු 5කට එක කඩුල්ලක් දවාගත්තා.

කෙසේවෙතත් දෙරට අතර 19 වනදා කරච්චිහිදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ඔහුගේ සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here