ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් දෙවන එක්දින තරගය අද

0

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින තරගාවලියේ දෙවන තරගය අද විෂඛාපට්නම්හිදී පැවැත්වීමට නියමිතයි.

චෙන්නායිහිදී පැවති තරගාවලියේ පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් කඩුලු 8කින් ජගගනු ලැබුවා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

පළමු තරගයේ සාරාංශය
කාසියේ වාසිය – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

ඉන්දීය ඉණිම (පන්දු වාර 50)
රෝහිත් ශර්මා – 36, කේ.එල්. රාහුල් – 6, විරාත් කෝලි – 4, ශ්‍රේයාස් අයියර් – 70, රිෂබ් පාන්ට් – 71, කෙදර් ජාධව් – 40, රවීන්ද්‍ර ජඩේජා – 21, ශිවම් ධූබේ – 9, දීපක් චාහර් – 6 (නොදැවී), මොහොමඩ් ශමී – 0 (නොදැවී)
අල්සාරී ජෝශප් 45/2 (09), කීමෝ පෝල් 40/2 (07), ශෙල්ඩන් කොට්‍රෙල් 46/2 (10), කිරන් පොලාර්ඩ් 28/1 (04)

බටහිර ඉන්දීය කොදෙව් ඉණිම (පන්දු වාර 47.5)
ශායි හෝප් – 102 (නොදැවී), සුනිල් අම්බ්‍රිස් – 9, ශිම්රන් හෙට්මයර් – 139, නිකොලොස් පුරාන් – 29 (නොදැවී)
දීපක් චාහර් 48/1 (10), මොහොමඩ් ශමී 57/1 (09)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here