ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට තුන්කොන් ශූරතාවය

0

ශ්‍රී ලංකා, එංගලන්ත, බටහිර ඉන්දීය කොදෙව් 19 පහළ නැඟී එන කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවති තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

බටහිර ඉන්දීය කොදෙව්හි ඇන්ටිගුවාහිදී පැවති අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම සමගින් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ලකුණු 77 කින් ජයගනු ලැබුවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 265ක් ලබාගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දු වාර 43.1 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 188යි.

ශ්‍රී ලංකා ඉණිම
නවෝද් පරණවිතාන – 108, කමිල් මිශාර – 69, රවිඳු රසාන්ත – 20 අහන් වික්‍රමසිංහ – 25, නිපුන් දනංජය – 6, සොනාල් දිනුෂ – 6, චමිඳු විජේසිංහ – 3, සුදීර තිලකරත්න – 8, කවිඳු නදීෂාන් – 9, අශේන් ඩැනියල් – 0 (නොදැවී), අම්ෂි ද සිල්වා – 0 (නොදැවී)
ජෝජ් බැල්ඩර්සන් 55/4, බ්ලැක් කුලින් 43/3, හමීදුල්ලා කුද්රි 34/1

එංගලන්ත ඉණිම
බෙන් චාර්ල්ස්වොර්ත් – 2, ටොම් ක්ලාක් -8, ජෝර්දාන් කොෂ් -77, ජැක් හයනෙස් – 32, ඩැන් මෝස්ලි – 2, ලෙවිස් ගොල්ඩ්ස්වෝර්ති – 30, ජෝයි එවිසන් – 25, ජෝජ් බැල්ඩර්සන් – 3, කැසි ඇල්ඩ්‍රිජ් -3, බ්ලැක් කුලින් -0, හමීදුල්ලා කුද්රි – 0
කවිඳු නදීෂාන් 43/3, අශේන් ඩැනියල් 25/2, සුදීර තිලකරත්න 31/2, නවෝද් පරණවිතාන 45/2, අම්ෂි ද සිල්වා 31/1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here