චාමර කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමේ සූදානමක

0

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු මැදපෙළ පිතිකරුවෙක් වූ චාමර කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

2006 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හි පැවති තරගයකදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ චාමර කපුගෙදර ටෙස්ට් තරග 8කදී ලකුණු 418ක්ද, එක්දින තරග 102කදී ලකුණු 1624ක් සහ T20 තරග 43කදී ලකුණු 703ක් රැස්කරගෙන තිබෙනවා.

එක්දින කණ්ඩායමේ නායකයෙක් වශයෙන්ද කටයුතු කර ඇති ඔහු අවසන් වරට ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරනු ලැබුවේ 2017 වසරේදී පාකිස්ථානයට එරෙහිවයි. ඉන්පසු ඔහුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිවූයේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here