සංගක්කාර සහ මාලිංග දශකයේ ක්‍රිකට් කණ්ඩායම් අතරට

0

විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් ගෙවුණු දශකය සඳහා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම විස්ඩන් ක්‍රිකට් සඟරාව “ක්‍රිකට් බයිබලය” ලෙසින් ද හඳුන්වනවා. දශකයේ ක්‍රිකට් කණ්ඩායම් අතරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් හිටපු නායක කුමාර් සංගක්කාර සහ වර්තමාන T20 කණ්ඩායම් නායක ලසිත් මාලිංග ඇතුළත් වී තිබීම විශේෂත්වයක් වනවා.

විස්ඩන් දශකයේ එක්දින කණ්ඩායම
රෝහිත් ශර්මා, ඩේවිඩ් වෝනර්, විරාත් කෝලි, ඒ.බී. ඩි විලියර්ස්, ජොස් බට්ලර්, මහේන්ද්‍ර සිං දෝනි, ශකිබ් අල් හසන්, මිචෙල් ස්ටාර්ක්, ඩේල් ස්ටෙයින්, ලසිත් මාලිංග, ට්‍රෙන්ට් බෝල්ට්

විස්ඩන් දශකයේ ටෙස්ට් කණ්ඩායම
අලේස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කුමාර් සංගක්කාර, ස්ටීව් ස්මිත්, විරාත් කෝලි, බෙන් ස්ටොක්ස්, ඒ.බී. ඩි විලියර්ස්, රවිචන්ද්‍රන් අශ්වින්, ඩේල් ස්ටෙයින්, කගිසෝ රාබඩා, ජේම්ස් ඇන්ඩර්සන්

එසේම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ද දශකයේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහි එක්දින කණ්ඩායම සඳහා ලසිත් මාලිංග ඇතුළත් වී තිබීම විශේෂත්වයක් වනවා.

දශකයේ එක්දින කණ්ඩායම
මහේන්ද්‍ර සිං දෝනි (නායක සහ කඩුලු රකින්නා), රෝහිත් ශර්මා, හෂීම් අම්ලා, විරාත් කෝලි, ඒ.බී. ඩි විලියර්ස්, ශකිබ් අල් හසන්, ජොස් බට්ලර්, රෂිඩ් ඛාන්, මිචෙල් ස්ටාර්ක්, ට්‍රෙන්ට් බෝල්ට්, ලසිත් මාලිංග

දශකයේ ටෙස්ට් කණ්ඩායම
විරාත් කෝලි (නායක), අලේස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, ස්ටීව් ස්මිත්, ඒ.බී. ඩි විලියර්ස් (කඩුලු රකින්නා), බෙන් ස්ටොක්ස්, ඩේල් ස්ටෙයින් ස්ටුවට් බ්‍රෝඩ්, නේතන් ලියන්, ජේම්ස් ඇන්ඩර්සන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here