කොදෙව් – ශ්‍රී ලංකා තුන්වන එක්දින තරගය අද පල්ලේකැලේදී …

0

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියට එක්දින තරග 3ක් ඇතුළත් වුණි.

දෙරට අතර පැවැති  පළමු එක්දින තරගය එක් කඩුල්ලකින්  ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්  අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ගත්තේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස මේ වන විටත් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

කෙසේ වෙතත් පූර්ණ එක්දින තරගාවලිය ජයක් වාර්තා කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද  තරගය ජය ගැනීමට අනිවාර්යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here