වනිඳු සහ කුසල් සති කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

0

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වම් කලවයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට සති කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිදුවීමට සිදුවන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔහුගේ ආබාධය පිළිබඳව ඊයේ (07දා) MRI පරීක්ෂණයක් සිදුකර ඇති අතර එ් පිළිබඳව අඟහරුවාදා දිනයේදී ලැබීමට නියමිතව තිබේ.

මේ අතර කඩුලු රකින ක්‍රීඩක මෙන්ම අරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාද  දකුණු අතේ මැඳගිල්ලේ ආබාධයකට ලක්ව ඇති අතර ඔහුටද සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

කෙදෙව් කණ්ඩායම හා පල්ලෙකැල්පේ පිටියේ පැවැති දෙවැනි විස්සයි20 තරගයේදි ඔවුන් මෙම ආබාධවලට ලක්විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here