හිටපු ක්‍රිකට් ක්‍රීඩක මජිඩ් හක්ටත් වෛරසය ආසාදනය වෙයි

0

ස්කොට්ලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක මජිඩ් හක් නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේය.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කරමින් ස්කොට්ලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක මජිඩ් හක් පසුගියදා පරීක්ෂණයට යොමු වු අතර එහිදී තහවුරු වී තිබෙන්නේ ඔහුටද එම වෛරසය ආසාදනය වී ඇති බවයි.

අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී ඇති අතර මේ වන විට සුවය ලබමින් සිටින ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

එමෙන්ම ඔහු යලි සිය නිවස බලා පිටත්ව යාමට ද නියමිත බව එම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

ස්කොට්ලන්තය වෙනුවෙන් මජිඩ් හක් එක්දින තරග 54කට සහ විස්සයි විස්ස තරග 21කට ක්‍රීඩා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here